Sunday, January 15, 2017

YAHOO සමුදෙයි – ALTABA එයි


YAHOO සමාගම සිය නාමය ලබන සඳුදා ALTABA ලෙස වෙනස් කරනු ඇතැයි වාර්තා වෙනවා.

YAHOO සමාගම සිය වත්කම් ඩොලර් බිලියන 4.83ට වෙරයිසන් සමාගමට අලෙවි කිරීම මෙයට හේතුව වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ ගණුදෙනුව අවසන් වීමෙන් පසුව සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ මෙරිසා මේයර්ද සිය ධුරයෙන් ද ඉවත්ව තිබෙනවා.

ඇය සමඟ තවත් අධ්‍යක්ෂවරු පස් දෙනෙකු ඉවත්ව ඇති අතර ඉතිරි අධ්‍යක්ෂවරුන් අල්ටාබා හා රැදෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

අල්ටාබා සමාගමේ කොටස්වලින් 15% චීන අලිබබා සමාගමට අයත්වෙයි.

කෙසේ වුවත් මෙම නාමය වෙනස් කිරීම ගැන බොහෝ දෙනා අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර එය මේ දශකය තුළ සිදුවූ නරකම නාමය වෙනස් කිරීම ලෙසත් ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment